එසේම ඔහු තවදුරටත් පවසා ඇත්තේ එංගලන්තයේ විශාලම මාධ්‍ය සමාගම් හිමි රූපට් මර්ඩක් හට බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂය වන ලේබර් පක්ෂයේ නායකයා තේරීමට නොහැකිවාක් මෙන් ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ට එජාපයේ නායකයන් තේරීමට නොහැකි බවයි.
ඊයේ (06) බදුල්ලේ පස්සර පැවැත් වූ එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සර සමුළුවේ දී සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා බවට ප්‍රකාශ නොකරන බව එජාප නායකයා කලින් තීරණය කර සිටියත්, ඌව එජාප මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා එජාප නායකවරයාට අවධාරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීම තමන්ගේ ඡන්ද සටනට විශාල රුකුලක් වන බැවින් එය වහාම සිදු කරන ලෙසයි.
ඒ අනුව එම තනතුරු සඳහා සුදුස්සන් රැසක් පක්ෂය සතුව සිටින බව පැවසු විපක්ෂ නායකවරයා, සමුළුව අමතමින් මෙසේ පැවසිය.
''නියෝජ්‍ය නායක වගේ ඒවා අන්තිම තිරණය තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට. මට නෙවෙයි. මට ඕනැ මේ ඔක්කොම එක්ක එ ගමන යන්න....ඔක්කොම එකතු කරගෙන එ ගමන යන්න....
නියෝජ්‍ය නායක තනතුර පුරවන අවස්ථාවේ දී එතුමාට ප‍්‍රමුඛත්වය දෙන්න ඕනේ. එකයි මම යොජනා කරන්නේ''
එජාප සමුළුවේ ඡායාරූප එකතුවක් පහතින්,