මෙරට තුළ ක්‍රියාත්මක වන දැවැන්තම වැඩවර්ජනය අදින් ඇරඹේ

Published in පුවත්
Monday, 08 July 2024 07:13

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් ලබාදී ඇති රුපියල් 25,000ක දීමනා ඉහළ නැංවීම සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.

ග්‍රාම නිලධාරි, මිනින්දෝරු, සංවර්ධන නිලධාරි, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගය සඳහා එක්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළකරමින් ඊයේ (07) පස්වරු 4 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

1980 වැඩ වර්ජනයෙන් පසුව මෙරට තුළ ක්‍රියාත්මක වන දැවැන්තම වැඩවර්ජනය බවට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පත්වනු ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේය.

මේ අතර, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා පැවසුවේ රාජ්‍ය සේවකයින් අද දිනයේ ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකළ ද වර්ජනයකට ඔවුන් එක් නොවන බවය.

මේ අතර ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ද හෙට ( 9) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ද අද සහ හෙට පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග එක් නොවීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු වෘත්තීය සමිතියක් මෙම වැඩ වර්ජනය සඳහා සහාය නොදක්වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

මෙම වැඩ වර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතාද පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us