වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන්න - වෘත්ති සමිති සහ පක්ෂවලට ඇමැතිගෙන් ආරාධනාවක්  

Published in පුවත්
Sunday, 07 July 2024 16:39

මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තෘප්තිමත් ඵලදායී රාජ්‍ය සේවයක් ඇති කර ගැනීම වැදගත් බවයි.

මීට වසර දෙකකට පමණ පෙර 1,372,000(දහතුන් ලක්ෂ හැත්තෑ දෙදහසක් වූ රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවීම පවා ගැටලුවක්ව පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා 2024 වසරේදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවක වැටුප රු. 10000 කින් වැඩි කිරිමට කටයුතු කළ බව සඳහන් කළේය.
හැකියාවක් පවතී නම් එය තවත් වැඩි කළ යුතු බව තම අදහස බව සඳහන් කළ අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ එක් එක් , විවිධ කොටස් වලට සීමා වූ ප්‍රශ්න රාශියක් ඇති බව පිලිගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙම ගැටලුවලට විසඳුම් සෙවීමේදී සිදුවන්නේ තවත් වියදම් කිරීමක් බැවින් එමඟින් ඇතිවන්නේ භාණ්ඩාගාරයට වැය බරක් ඇති වීම බව සඳහන් කළ අමාත්‍යවරයා දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ගත් දැඩිව බැඳුනු තීන්දු ක්‍රියාත්මක කිරීමට දැඩිව රජය බැඳී සිටින බවද සඳහන් කළේය.
ඒ අනුව එක් එක් කණ්ඩායම් වල ප්‍රශ්න වලට පැලැස්තර විසඳුම් සෙවීමේදී තවත් ප්‍රශ්න රාශියක් උද්ගත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , මෙම සියළු ප්‍රශ්න වලට ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර 2025 අයවැය මගින් එම විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද මෙහිදී පැවසීය.

රට වැටී තිබුණු තත්ත්වයේ සිට නැගිටිමින් සිටින මොහොතක ,තම තමන්ගේ වගකීම , රට තිබෙන තත්ත්වය, ගමන් කරන ධනාත්මක තත්ත්වය සියලු දෙනා තේරුම්ගෙන ක්‍රියා කළ යුතු බවද එහිදී ඔහු පැවසීය.

Last modified on Sunday, 07 July 2024 16:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us