යාපනයේ ජනතාවට ඉන්දියාවෙන් ජල ටැංකි

Published in පුවත්
Tuesday, 02 July 2024 17:36

පානිය ජලය සපයා ගැනීම සඳහා, යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙන බව වාර්තාවේ.

වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2016 – 10 – 25 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.එම ව්‍යාපෘතිය වසර තුනකදී නිම කළ යුතුව තිබූ නමුත් මතුවූ මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලසීමාව 2024 ජුනි දක්වා දීර්ඝ කෙරිණි.

ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසී චැසි ජල ටැංකි 1831ක් ස්ථාපිත කිරීමටත් 2022 -10 -10 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ. එම ව්‍යාපෘතියේ ඉතිරිව ඇති මුදල් වලින් ටැංකි 934ක් ස්ථාපනය කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ  ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us