සජිත්ට  සුබ අසුබ කියා දෙයි - ජනපතිගෙන් කෙලින් උත්තරයක් Featured

Published in පුවත්
Tuesday, 02 July 2024 15:10

පාර්ලිමේන්තු සභාවාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කල පැනයක් හමුවේ ජනාධිපතිවරයා  එම පැනයට පිළිතුරක් ඉදිරිපත් කර තිබේ.

විපක්ෂනායකවරයා  මන්ද පෝෂණය සුබ ද අසුබද යන ප්‍රශ්නය හමුවේ ජනාධිපතිවරයා මෙලෙස පිළිතරු දී තිබේ.

ජනාධිපතිවරයා දුන් පිළිතුර මෙසේය.

''මන්ද පෝෂණය සුබද අසුබද කියලා අපෙන් අහනවා. පන්තිකාමරවල ලමයින් වැටෙද්දී සුබ වෙන්නෙ කොහොමද? ඒ හින්දා තමයි අස්වැසුම හාල් කිලෝ දහය ගානෙ මාස දෙකක් දුන්නේ.

දුප්පත්කම සුබ නෑ දුප්පත්කම අසුබයි, ඒකයි ලක්ෂ විස්සකට උරුමය දෙන්නෙ. ලක්ෂ දෙකහමාරකට ගෑස් දෙන්නෙ.

විරැකියාව අසුබ නිසා තමයි කර්මාන්තශාලා විවෘත කරන්නෙ. රටට ආයෝජනය දැන් ගේනෙන්නෙ අසුබ නිසා තමයි.

මම අහන්න කැමතියි මේ රටේ ආර්ථිකය කැඩිලා, මිනිස්සු හාමතේ ඉන්නකොට අගමැතිකම නොගෙන බයේ දුවන ඒක සුබද අසුබද කියලා.

ඉදිකිරිමේ කොන්ත්‍රාත්වරුන්ට හිග වූ බිලියන 200 ගෙවා අවසන්. ආධාර එනකොට නුවර පාර වැනි ‍අනිත් ව්‍යෘපෘති නැවත ආරම්භ කරන්න පුලුවන් ඒක ගැන දුක ද කියලත් මම අහන්න කැමතියි.''

Last modified on Tuesday, 02 July 2024 15:12

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us