අද ජනජීවිතය පහසු නැතත් එදා තිබුණු තත්වයට වැඩිය අද රට ඉදිරියෙන්

Published in පුවත්
Saturday, 29 June 2024 11:43

වර්තමානයේ ජන ජීවිතය ඒ තරම් පහසු නැතත් එදා තිබුණු තත්ත්වයට වඩා අද රට බොහෝ සෙයින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසා සිටියි .

රවි කරුණානායක පවසා සිටින්නේ අඳුරට ශාප නොකර රට-ජනතාව වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව ක්‍රියා කළ යුතු බවය.
තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක

“සමහර අය කිව්වා ඩොලරය රුපියල් 500ට යනව කියල. ඒ වගේම රටට ඩොලර් ගෙන එන්න ඉඩ නොදෙන බව ද මේ අවස්ථාවාදීන් එදා කියා සිටියා. ඒ විතරක් නොව මේ රටට එන්න එපා කියා සුද්දන්ට පවා කිව්වා. මේ රට ප්‍රතිසංස්කරණය කළ යුතු බව ද කියා සිටියා. කෙසේ නමුත් අවසානයේ මේ සියලු අභියෝහ භාර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළා. ඒ හේතුවෙන් අද ඩොලරය රුපියල් 300ට අඩු වෙලා. අද සුද්දො එනවා. රටට බෙහෙත්, කෑම සහ තෙල් ඇතුළු සියල්ල එනවා. පැය 24 පුරාවටම විදුලිය ලැබෙනවා. පෝලිම් යුගය අවසන් වෙලා. එහෙත් තවමත් ජන ජීවිතය පහසු නැහැ. මම ඒක පිළි ගන්නවා. හැබැයි එදා තිබුණු තත්ත්වයට වඩා රට ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා අඳුරට ශාප නොකර රට-ජනතාව වෙනුවෙන් අප සියලු දෙනා එකට එක්ව සමගියෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. අඳුරට ශාප නොකර එක පහනක් හෝ දැල්විය යුතුයි.”  

Last modified on Saturday, 29 June 2024 11:49

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us