ඒ අනුව සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 වන කාර්යක්ෂමතා කඩඉම් විභාග, අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සදහා අයදුම්කරුවන් 52,756 ක් අයදුම් කර තිබේ.
අයදුම්කරුවන් සදහා වන ප්රවේශ පත්ර ඊමේල් මාර්ගයෙන් නිකුත් කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් මෙතෙක් ප්රවේශ පත්ර තම පෞද්ගලික ඊමේල් ලිපිනය වෙත නොලැබුණු අපේක්ෂකයින් සිටි නම් සිය ජාතික හැදුනුම්පත් අංකය යොදා ගනිමින් ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වෙබ් අඩවිය www.slida.lk හරහා ප්රවේශපත්රය බාගත කිරීම සලසා ඇති බවත් නිවේදනයේ සදහන්ය.