රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව වැඩි කරයි

Published in පුවත්
Friday, 14 June 2024 08:18

මහා මාර්ගවල රථවාහන රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට මාසික දීමනාව වශයෙන් ගෙවූ රුපියල් එක්දහස් හයසියක මුදල රුපියල් හයදහස දක්වා ඉහළ දමමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබෙනවා.

මෙහිදී පොලිස් සැරයන්වරයකුට ගෙවූ රුපියල් 1800ක මාසික දීමනාව රුපියල් 6000 දක්වාත්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට ගෙවූ රුපියල් 2000 දීමනාව රුපියල් 7000 දක්වාත්, රථවාහන ස්ථානාධිපතිවරයකුට ගෙවූ දීමනාව රුපියල් 2500 සිට 7000 දක්වාත් ඉහළ නැංවීමට නියමිත බවයි පැවසෙන්නේ.

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කිරීම හා දිරිමත් කිරීම මගින් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාගැනීම අපේක්ෂාව වී තිබේ.

මෙම දීමනා වැඩිකිරීමට තීරණය කර ඇත්තේ, අව්, වැසි, බාධක මධ්‍යයේ පැය දොළහක පමණ කාලයක් මහා මාර්ගවල රථවාහන හැසිරවීම අසීරු කාර්යයක් වීමත්, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහා මාර්ගයේ වාහන දුම ඇතුළු විෂ ආග්‍රාණය වීමෙන් වැඩි පිරිසක් ශ්වසන ආබාධවලට ලක්වීමත් නිසා බවයි.

මෙහිදී පොලිස් ස්ථාන පළමු, දෙවන හා තෙවන කාණ්ඩ යටතේ වෙන්කර ගෙවන දීමනාවද ඒ අනුව වෙනස් කර ඇති අතර, පළමු කාණ්ඩයේ පොලිස් ස්ථාන 104ක්, දෙවන කාණ්ඩයේ පොලිස් ස්ථාන 59ක් හා තෙවන කාණ්ඩයේ පොලිස් ස්ථාන 444ක් ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us