ස්වයං රැකියා සඳහා ලක්ෂ 250 දක්වා සහන පොලී ණය යෝජනා ක්‍රමයක්

Published in පුවත්
Saturday, 08 June 2024 19:43

ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත සඳහා රුපියල් ලක්ෂ 250ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.

ඒ සඳහා 8% ඉතා සහන පොලී අනුපාතයක් අය කරනු ලබන බවද හෙතෙම පැවසුවේය.

දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම හා ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක කර තිබේ.

මේ යටතේ මල් වගා කිරීම, මිරිදිය ධීවර කර්මාන්තය, සුරතල් මත්ස්‍ය ව්‍යාපාර ඇතුළු කර්මාන්තයන් සඳහා ණය ලබාගත හැකි වනු ඇති බව ලේකම් වරයා පවසා සිටියි.

SMILE iii ණය යෝජනා ක්‍රමය යටතේම මේ ණය ලබාගත හැකි අතර ඒ සඳහා බැංකු 10ක් සම්බන්ධ කර ඇති අතර එම බැංකු 10 ඔස්සේ මේ ණය ඉල්ලුම් කළ හැකි අතර ලක්ෂ 2ක් දක්වා පුද්ගල ඇප මත ණය ලබා ගත හැකිය.

මීට අදාළව මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, එන්.ඩී.බී. බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සණස සංවර්ධන බැංකුව යන බැංකුවලින් ණය ඉල්ලුම් කළ හැකිය.

ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට අදාළ ව්‍යාපෘති ඉදිරිපත් කළ හැකි අයට හා එම ස්ථාන පවත්වාගෙන යනු ලබන අවශ්‍යතා ඇති අයට මේ ණය ඉල්ලුම් කර තම ස්වයං රැකියාව හෝ ගෘහ කර්මාන්තය ප්‍රවර්ධනය කළ හැකිය.

මේ ණය ලබාදීම සිදු කෙරෙන්නේ කර්මාන්ත උපකරණ ලබාගැනීමේ අවශ්‍යතා සැපයීමට හඳුන්වා දී ඇති SMILE iii ණය යෝජනා ක්‍රමයේම තවත් එක් පියවරක් ලෙසය.

Last modified on Saturday, 08 June 2024 19:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us