යාපනයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංකීර්ණය ලබන වසර මුල විවෘත කෙරේ

Published in පුවත්
Sunday, 09 June 2024 11:07

රුපියල් බිලියන 2.5 ක ආයෝජනයක් සහිතව සිදුවන යාපනයේ විශාලතම පුද්ගලික අංශයේ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංකීර්ණය ලබන වසරේ මුල් භාගයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

ව්‍යාපෘතිය සඳහා සියලු අනුමැතිය ලබාගෙන ඇති අතර, කැනේඩියානු ආයෝජකයෙකු වන කැනඩාවේ MagickWoods Group සහ Lanka Institute of Information Technology (SLIIT) මෙම ව්‍යාපෘතිය සිදු කරයි.

මෙම ආයෝජන යෝජනාවට අනුව මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් සෘජු විදේශ ආයෝජන වේ.

දකුණේ ව්‍යාපෘති සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන අතරම උතුරට ද ආයෝජන ගෙන ඒම කෙරෙහි නාගරික සංවර්ධන අධිකාරිය අවධානය යොමු කර ඇති බවත්, හේරත් මහතා පවසයි. එසේම අත්හැර දැමූ රාජ්‍ය වත්කම් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම සිදුකරන බවත් ඒ අනුව වසර කිහිපයකට පෙර යාපනයේ ඉදිකරන ලද අතහැර දැමූ ජනාධිපති මන්දිරය ද මෙම විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය සඳහා භාවිතා කිරීම සිදුවේ.

යෝජිත විශ්වවිද්‍යාලය හරහා ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට මෙම ව්‍යාපෘතිය උතුරේ තරුණ තරුණියන්ට විශාල වෙනසක් වනු ඇති බවත්, කන්කසන්තුරේ අනාගතයට සූදානම් (future-ready university) විශ්වවිද්‍යාලයක් සහ තොරතුරු තාක්ෂණ උද්‍යානයක් (Information Technology park )ඉදිකිරීම මෙහි අරමුණ බවද ඔහු පෙන්වා දෙයි.

එසේම හේරත් මහතා පමසා සිටින්නේ මෙම ව්‍යාපෘතිය මගින් දෙමළ ඩයස්පෝරාවට උතුර ආයෝජන සඳහා විවෘත බවට සාධනීය සංඥාවක් ද ලබා දෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us