'පොලිසිය, ශ්‍රීලනිප අනුබද්ධ සංවිධානයක් වෙලා ' -එජාප

Published in පුවත්
Thursday, 04 September 2014 10:55

පොලිසිය ආයතනයක් ලෙස කෙතරම් දේශපාලනීකරණය වී ඇත් ද කියතොත් වර්තමානයේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් එක් අනුබද්ධ සංවිධානයක් නොඑසේ නම් ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක එබව සඳහන්වේ.


නීතිය හා සාමය සුරක්ෂිත කිරිමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තිමේන්තුව මේ මොහොතේ පත්ව සිටින ඛේදනීය තත්ත්වය අතිශයින්ම කණගාටුදායක බවත්,  වසර 148 ක දීර්ඝ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මෙතරම් ජරාජීර්ණ වූ වෙනත් යුගයක් නොමැති තරම් බවත් මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි. 

පොලිසියේ  එම නොහැකියාව දැන් පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය තුල දී ද මනාව දැක ගත හැකි බවද මන්ත්‍රීවරයා පවසයි. 


කුප්‍රකට අලුත්ගම සිදුවීම : 


දක්ෂතාව, හැකියාව ඇති නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන  පොලිස් නිළධාරීන්ට  අද පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිදු තැනක් නොමැති බවත්,  එවැන්නන් නිරතුරුවම පොලිසියට  ''ආයුබෝවන්” කියන ආකාරයක් දැක ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන්වේ. 


කුප්‍රකට අලුත්ගම සිදුවීමේ දී නීතිය සාධාරණව බලාත්මක කිරීමට උත්සාහ කළ නියෝජ්‍ය පොලිස්පති වී.ඉන්ද්‍රන් මහතා අත්වූ ඉරණම පැහැදිලි කරන පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා, අලුත්ගම සිදුවීමේ දී නිවැරදිව රාජකාරී කිරීමට උත්සාහ කළ ඉන්ද්‍රන් මහතාව නිහඩ කිරීමට පැහැදිලි හස්තයක් ඉන් පසු ක්‍රියාත්මක වූ බවත්,  ඒ නිසා ඇති වූ සිත් කළකිරීම කෙතරම් ද කියතොත් දක්ෂ අවංක නිළධාරියෙකු පොලිසිය හැර යන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබෙන බවත් පවසයි. 


ප්‍රිශාන්ත ජයකොඩිගේ ඉරණම :


කලකට පෙර ඇඹිලිපිටිය ප්‍රදේශයේ රජයට සම්බන්ධ මැර ප්‍රාදේශිය දේශපාලඥයෙකුට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාට මුහුණ පෑමට සිදු වූයේ ද එබදු ම වූ අවාසනාවන්ත ඉරණමක් බව පවසන මන්ත්‍රීවරයා, පොලිසියේ රාජකාරියට ආයුබෝවන් කී ඒ මහතා අද ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබමින් සිටින බවද කියා සිටියි. 


දක්ෂිණ අධීවේගී මාර්ගයේ දී මාර්ග නීති උල්ලංගනය කළ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් ට අත් වූයේ ද එවැනි ම වු ඉරණමක් බවත්  මේ ආකාරයට මෑත කාලයේ ගිලටීනයට හසු  වූ පොලිස් නිළධාරීන් පිළිබඳ ලැයිස්තුවක් සැකසුවහොත් අනිවාර්යයෙන්ම එය දීර්ඝ එකක් වනවාට කිසිදු සැකයක් නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.  


අනුර සේනානායක :

සුදුස්සාට, දක්ෂයන්ට පොලිස් දෙපාර්තමේන්තුව තුල කිසිදු තැනක් නොමැති වූවත්,  දේශපාලන හෙන්චයියන් නම් අද ඒ තුල බඩ පිණුම් ගසමින් බව පවසන මන්ත්‍රීවරයා, එම ලැයිස්තුවේ ඉහළින්ම සිටිනුයේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බවට අනාවරණය කර සිටියි. 


මෙම ආන්දෝලනාත්මක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සැක කටයුතු ව්‍යාපාරික ගණුදෙනු හා පුද්ගල සම්බන්ධතා පිළිබදව මෑත කාලයේ දී විකල්ප දහරාවේ මාධ්‍ය අවස්ථා කිහිපයක දී අනාවරණයන් ඉදිරිපත් කර තිබූ බවත්,  ඒවායේ සත්‍යතාවයක් ඇත්නම් එය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය පිලිබදව ප්‍රශ්නාර්ථයක්ම බවද පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියි. 

 ආයතනයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ස්වාධිනතාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග,  ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට සමගාමීව මෙබදු දූෂිත නිළධාරින් සම්බන්ධව ද කටයුතු කිරිම එකසේ වැදගත් බවද පාලිත රංග බණ්ඩාර මහතාගේ නිවේදනයේ සඳහන්වේ. 

 

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us