රත්නපුර දිස්ත්‍රික්කයේ, පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රදේශවල පහත් බිම්වල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබේ.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ , දොඩංගොඩ සහ මිල්ලනිය ප්‍රදේශවල පහත් බිම්වල ජනතාව ද දැඩි අවදානයෙන් පසු විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ඉදිරි පැය 48 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
එමෙන්ම තර දිස්ත්‍රික්කයේ, පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ මෙන්ම මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගංගාව ආශ්රිත ප්‍රදේශවල පහත් බිම්වල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
ඉදිරි පැය 48 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
අනතුරු ඇඟවීමට අදාල වේලාව 02.06.2024 මධ්‍යම රාත්‍රී 12.15 සිට පැය 48ක්.