කළු ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් ගංවතුර අවදානමක්

Published in පුවත්
Tuesday, 28 May 2024 15:23

කළු ගඟ සහ අතු ගංගාවල ජලමට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ (27) දිනය පුරා ඇදහැලුණු වර්ෂාවත් සමග එම ප්‍රදේශවල ජනතාවට කල්පනාකාරී වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පැවසීය.

රත්නපුර ජල මාපකයේ ජලමට්ටම මීටර් 6.5 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, මේ තත්ත්වය හේතුවෙන් රත්නපුරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඉදිරි කාලයේ ගංවතුර අවදානමක් ඇති විය හැකි බව සඳහන් කළේය.

ඒ අනුව රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කිරිඇල්ල සහ ඇළපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස ජනතාවට අද සහ හෙට දැඩි අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම අද දහවල් කාලයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් මෙම තත්ත්වය දරුණු විය හැකි බව ද සුගීෂ්වර මහතා පැවසීය.

මේ අතර ගිං ගඟ සහ නිල්වලා ගඟෙහි ජලමට්ටම ද අවධානය යොමුකළ යුතු මට්ටමට ළඟා වී ඇති බව පැවසූ ඒ මහතා, එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් මෙතෙක් ඇති විය නොහැකි වුවත් අද රාත්‍රීයේ හෝ දහවල් කාලයේ දී දැඩි වර්ෂාවක් ඇති වුවහොත් එම ගංගාත් පහසුවෙන් ගංවතුර තත්ත්වයක් දක්වා පත්වෙනු ඇතැයි ද කියා සිටියේය.

මීට අමතරව අත්තනගලු ද්‍රෝණිය සහ කැලණි ගඟත් ඉහළ ජලමට්ටම්වල සිටින බැවින් ජනතාවට ඒ පිළිබඳවත් සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us