රංගේබණ්ඩාර කියන විදිහට මැතිවරණ කල් දැමිය හැකිද?   Featured

Published in පුවත්
Tuesday, 28 May 2024 17:44

මහමැතිවරණය සහ ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන ඒමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර පවසයි.

ඒ අනුව ජනමත විචාරණයකට වුවද යා හැකි බවත්මේ ආකාරයට මැතිවරණ කල් දැමීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන නොමැතිනම් නව නීති සකස් කර හෝ මැතිවරණ කල් දැමීමට කටයුතු කළ යුතු බවත් කොළඹ අද(28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

දැන් මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න තියෙනවා, රටේ ආර්ථිකය හදන්න තියෙනවා, IMF සහ ජාත්‍යන්තර සංවිධාන සමග අපේ එකඟතාවයන් තියෙනවා. මේ එකඟතාවයන් අපි කඩකරගත්තොත් නැවතත් අපි යන්නේ අර 2022 තිබුණ තැනට. ඉතින් අපි දැන දැන එතැනට ගිහිල්ලා විනාශ වෙනවා ද ? එහෙම නැත්නම් පොදු එකඟතාවයකට ඇවිල්ලා අවුරුදු දෙකකට මේ දෙකම දික් කරනවා ද ? ජනාධිපතිතුමාට ඉන්න පෙරේතකමට නෙමෙයි. අපියි මේ කියන්නේ . පාර්ලිමේන්තු ඡන්දයකට ගිහිල්ලා ආපහු නාස්ති කරන්න එපා. දෙකම අවුරුදු දෙකකට කල් දාන්න, ඒ අවුරුදු දෙක ඇතුළත මේ ප්‍රශ්න ටික නිරවුල් කරගෙන මැතිවරණයට යන්න පුළුවන්."

කෙසේ නමුත් අනුප්‍රාප්තින ජනාධිපතිධුරය හොබවන තැනැත්තකුට සිය ධර කාලය දිගුකර ගැනීම සඳහා ජනමත විචාරණයක් කැඳවීමේ බලය නොමැති බව පැවැසේ. මේ සම්බන්ධයෙන් මහාචාර්ය නවරත්න බණ්ඩාර පළකළ ‌ෆේස්බුක් සටහනක මෙසේ දැක්වේ.

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ පැහැදිලිව සඳහන් වෙනවා මහජන ඡන්දයකින් පත් නොවන අනුප්‍රාප්තික ජනාධිපතිට සිය ධූර කාලය වශයෙන් ලැබෙන්නේ කලින් ධූරය දැරෑ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිට හිමි ඉතිරි ධූර කාලය පමණක් බව.

එම ධූර කාලයේ අවසාන දිනයෙන් පසුව ඔහුගේ ධූරය නතර වෙනව. වසර හතරකදි ජනාධිපතිවරණයක් කැඳවීමට තිබෙන අයිතිය ඔහුට නොලැබෙන බව ද එහි සදහන්වෙනවා. එයින් කියවෙන්නෙ මහජන ඡන්දයෙන් පත් නොවූ අනුප්‍රාප්තික ජනාධිපතිට කලින් ජනාධිපතිට තම ධූර කාලය පිළිබඳව හිමි වරප්‍රසාද හිමි නොවන බවය.

ඒ අනුව 83 වගන්තිය අනුව ජනමත විචාරණයක් පවත්වා ධූර කාලය දික් කර ගැනීමටද නොහැකිය. එයට හේතුව ඔහු ජනතාවරමක් ලබා ගත් අයකු නොවීමය. පාර්ලිමේන්තුවට පැවරුනේ අනුප්‍රාප්තික ජනාධිපතිව ඉතිරි ධූර කාලයට පත් කිරීමය. නියමිත ධූරකාලය අවසන්වූවිට අනුප්‍රාප්තික ජනාධිපතිව තවදුරටත් තබා ගැනීමට පාර්ලිමේන්තුවට ද නොහැකිය. මන්ද හිටපු ජනාධිපතිට හිමිව තිබුනු ධූර කාලය දැන් අවසන්වී තිබෙන නිසාය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුගේ ධූරකාලය අවසන්වූ පසුව එය දික් කරන්නට ගෙන ආ යුතු ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථාවේ “අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුගේ ධූර කාලය” පිළිබඳ දැනට තිබෙන සියලු වගන්ති සංශෝධනය කළ යුතු අතර අලුත් අර්ථ නිරෑපණ ගණනාවක් ඔහුගේ ධූර කාලය සඳහා සැපයිය යුතුය. එය මෙම ව්‍යවස්ථාවට තිබෙන අවම සදාචාර පදනම් පවා විනාශ කරනු ඇත.

ව්‍යවස්ථාවේ සදහන් ජනතාවගේ නියත බහූතරයකින් පත්වී ජනතාවගේ විධායක බලය දැරිය යුතු ජනාධිපති කෙනෙක් නොවන අනුප්‍රාප්තිකයාට කාලය දික් කර දීමට දරණ මේ උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඔවුන් තුළ තිබෙන නොසැලකීම මනාව පෙන්නුම් කරනවා. මම හිතන්නෙ අධිකරණයේදීම මෙම උත්සාහය පරදිනවා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීම පමණක් නොව ජනමත විචාරණයේදී අනුමතිය ගැනීමත් කළ නොහැකිවෙනවා. යම් හෙයකින් ජනමත විචාරණය දක්වා ගියහොත් එය සීගිරියේ තිබෙන දෙබර වදයකට ගල් ගැසුවා වනු ඇත. 2022 සිට ඇවිස්සී දැන් නිහඬව සිටින දෙබර මැස්සන් එදාට යළිත් ඇවිස්සෙනු ඇත. ජූලි 17න් පසුව ජනාධිපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ලැබුනු පසුව මේවා කෙසේවත් කළ නොහැකිය."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us