ෆොන්සේකා, සංජීවට එරෙහිව නඩු පවරයි

Published in පුවත්
Wednesday, 02 July 2014 15:20

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් සංජීව සමරසිංහගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා, එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා‍ අද (02) අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

තමාට අපහාස වන අයුරින් සංජීව සමරසිංහ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා කටයුතු කළ බව සඳහන් කරමින් මෙම නඩුව ගොනු කළ බව එම පක්ෂය කියයි.

පසුගිය කාලයේදී සංජීව සමරසිංහ විසින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් කටයුතු කළ බවත් මේනිසා ඔහුට එන්තරවාසියක් යැවූ නමුත් ඊට පිළිතුරක් නොලැබුණු බැවින් මෙම පියවර ගත් බව එම පක්ෂය සඳහන් කරයි.‍

සරත්‍ ෆොන්සේකා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කළ සංජීව සමරසිංහ ෆොන්සේකා මහතා ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන බව කියමින් පසුගිය කාලයේදී සේවයෙන් ඉවත් විය.

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශවයෙන් කියා සිටියේ සංජීව සමරසිංහට මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සේවයෙන් ඉවත් වූ බවයි.

Last modified on Wednesday, 02 July 2014 15:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us