ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් -මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක්

Published in පුවත්
Tuesday, 21 May 2024 07:56

නිරත දිග මෝසම් වර්ෂාවත් සමග ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ, මේ වනවිට ඩෙංගු රෝගීන් 23,000ක් වාර්තා වන බවය.

කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ විනවිට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.

වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.මේ වසරේ මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යව 09කි.

මේ අතර මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක් නම් කර තිබේ.

වර්ෂාව ලැබීමත් සමග කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ ජනාධිපතිවරයාගේ හා සාගල රත්නායකගේ ප්‍රධානත්යෙන් ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us