බන්ධනාගාර කොමසාරිස් පරිපාලන ගාමිණි බි. දිසානායක සඳහන් කළේ, ඇතැම් අය ඊයේ දිනයේ අධිකරණ කටයුතුවලින්ද ඉවත්ව සිටි බවයි.
ඊයේ (20) දිනයේ සිට දිවයිනේ ප්‍රධාන බන්ධනාගාරවල නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ තිබේ.
බන්ධනාගාර නිලධාරී එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගයට එළැඹි බවයි.
ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බවයි.
-P.M