'ජනපතිට තෙවරක් බැහැ' - එජාපය කියයි

Published in පුවත්
Tuesday, 02 September 2014 19:48

18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක වූවද, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 03 වන වරට ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය අද ප‍්‍රකාශ කළේය. ඒ, 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලනොපාන බව සඳහන් කරමිනි.

එහි නීතිමය පසුබිම පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ සඳහන් කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට පැරණි ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් වී ඒ අනුව නොවැම්බර් මාසයේදී දිවුරුම්දී ඇති බවයි.

එහෙත් 18 වන සංශෝධනය එම වසරේ සැප්තැම්බර් මාසයේදී ගෙන ආ බවත් එය අතීතයට බලපාන පරිදි ක‍්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට නීතිපති උපදෙස් ලබාගත හැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us