කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට පියවර

Published in පුවත්
Tuesday, 14 May 2024 20:27

කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා විදාතා යන ආයතන සමග එක්ව මෙම මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි.

reg.industry.gov.lk යන දිගුව හරහා දිවයින පුරා විසිරී සිටින නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත, කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමේ හැකියාව ලැබෙයි. රජය විසින් ලබාදෙන මූල්‍යමය සේවා, තාක්ෂණික සේවා, කළමනාකරන සේවා ආදී පහසුකම් ලබා ගැනීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ මෙම ලියාපදිංචි සහතිකය අනිවාර්ය වේ.

මෙම මාර්ගගත ක්‍රමවේදය හරහා රට පුරා ක්‍රියාත්මක වන සියළුම ආකාරයේ නිෂ්පාදන කර්මාන්ත ජාලගත කර ඔවුන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් එම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම හා කර්මාන්තකරුවන් අභිප්‍රේරණය කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ වෙයි. එසේම මෙවැනි ක්‍රමවත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව වැනි තීරණ ගැනීමේ ආයතනවලට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවද පවතී.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ,
මෙම මාර්ගගත ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකාවේ සියලුම නිෂ්පාදන කර්මාන්ත ජාලගත කිරීම මගින් එම කර්මාන්තකරුවන්ට රජය විසින් ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කළ හැකි බවයි. එසේම ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් ලබා දෙන මූල්‍යමය ප්‍රතිලාභ දැනට අක්‍රිය වී ඇති කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ලබාදීමට කටයුතු කරන බවත්, දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රජය විසින් කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහන විධිමත්ව ලබාදෙන අතර අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීම රජයේ අපේක්ෂාව බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරවත් පැවසීය.

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චමින්ද පතිරාජ, මහින්ද ලාල් ගුණතිලක, මහේෂ් අබේසේකර, සුභද්‍රා වල්පොල, ආයතන සභාපතිවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

-  දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us