අස්වැසුමට වංචා කළ අය සහල් මල්ලෙන් හෙළිවන ලකුණු  

Published in පුවත්
Tuesday, 14 May 2024 20:10

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින නමුත් රජය නොමිලේ ලබාදෙන සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින අතර එම වාර්තාව ලබන සතිය වන විට තමා වෙත ලැබීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නොමිලේ සහල් ලබා දීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වන අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන්ම හිමි වන බව සේමසිංහ මහතා පැවසීය.

නමුත් අදාළ සහල් ලබා ගැනීම සඳහා එම ස්ථානවලට යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබා ගන්නේ නම් සිය අනන්‍යතාව හෙළිවේයැයි යන සැකය මත කිසිවකු එය ලබා ගැනීමට ඉදිරිපත් නොවූවේ නම් එය හඳුනා ගැනීම සඳහා මෙම වාර්තාව පහසුවක් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර ඇතැම් ප්‍රදේශ වල නොමිලයේ ලැබෙන සහල් මල්ල ලැබිය යුතු කොටස් වලට ලබා නොදීමට ඇතැම් නිලධාරීන් කටයුතු කර ඇති බවටත් චෝදනා එල්ල වී ඇත. සහල් මළු ලැබිය යුතු අයගේ නම් ලැයිස්තු කොළඹින් සකසා එවන ඒවා බව කියමින් සහල් මළු ලබා නොදෙමින් රජය කෙරෙහි වැරදි මතයක් ප්‍රචාරය කරන මෙම නිලධාරීන් තමන්ගේ දේශපාලන වුවමණා එපාකම් මත කටයුතු කරමින් තිබීම සම්බන්ධයෙන්ද පැමිණිළි ලැබී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us