ලංකාවට එන සෑම සංචාරකයෙකුටම'' Ceylon Tea'' සිහිවටනයක් ලබා දීමට සැරසේ Featured

Published in පුවත්
Tuesday, 14 May 2024 10:38

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ(13) යෝජනා කළේය.

ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතය.

තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ඊයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සංචාරය නිමවා ආපසු ගුවන් තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේ දී මෙම සිහිවටනය ලබා දෙන අතර ඊට පුද්ගලික තේ කර්මාන්තකරුවෝද සිය එකඟත්වය පළ කළහ. ඔවුන් ද ඊට දායක වීමට සූදානම් බව අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම වැඩ පිළිවෙළ රජය මෙන්ම පුද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පුද්ගලික අංශය විසින් දැරීමට නියමිත අතර මේ වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලා මෙන්ම තේ වතු නැරඹීම සඳහා පැමිණෙති. එමෙන්ම ශ්‍රී ලංකාවේ තේ පානය සඳහා ද විශාල උනන්දුවක් දක්වති.

මේ නිසා සංචාරකයින් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දුන්නේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us