විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට පියවර. විරෝධතා තිබේනම් ඉදිරිපත් කරන්න - සියඹලාපිටිය

Published in පුවත්
Tuesday, 14 May 2024 10:29

විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශ්වයකට ගැටලු තිබේනම් පුළුල් සංවාදයකට තමා සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) ප්‍රකාශ කළේය.

ප්‍රචලිත මාතෘකාවක් වන සීනි බදු වංචාව සම්බන්ධව බොහෝ පිරිස් විවිධ අදහස් පළ කළ ද මේ සම්බන්ධයෙන් චෝදනා කරන සහ විවේචනය කරන පාර්ශ්වයන්ගෙන් මීට ඉදිරිපත් කළ හැකි ප්‍රායෝගික විසඳුම් මෙතෙක් ලැබී නොමැති බවත් කිසියම් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් වේ නම් එය ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා පැවැසීය.

බදු අඩු කිරීමට සාපේක්ෂව ආනයනකරු අදාළ අඩුකිරීම් නොකළහොත් ඔහුට එයින් මිදීමට හැකියාව ලැබුණු විට අසීමිත මුදලක් එකතු කර ගැනීමට හැකිවන බවත් යම් අවස්ථාවක වහාම බද්ද වැඩි කළොත් රට තුළ පවතින තොගවලට අනියම් වටිනාකමක් එකතුවන බවත් රජයට එය පාලනය කර ගත නොහැකි වුවහොත් එහි ලාභය යන්නේ ද ව්‍යාපාරිකයාට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ නමුක් විශේෂ වෙළඳභාණ්ඩ බද්ද අහෝසි කිරීමට තමන් විරුද්ධ බව පසුගියදා රූපවාහිණි සංවාදයකදී ජාජබයේ අනුර කුමාර පවසා තිබිණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us