අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබේ.
ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එලෙස අද (13) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාව හමුවිය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඇගැයීමට ලක්විය.