ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතට විරෝධයක්

Published in පුවත්
Monday, 13 May 2024 20:41

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගිය 9 වැනිදා ඉදිරිපත් කෙරුණු අතර එය ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවට විරෝධතා ගොනු කිරීමට පනත ඉදිරිපත් කළ දින සිට දින 14 ක කාලයක් ලැබෙයි. මෙම කාලයේදී අධිකරණයට විරෝධතා පෙත්සම් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

ස්ත්‍රී පුරුෂ ආනන්‍යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්‍යානුකූල පිළිගැනීමක් ලැබෙන බව පැවසෙන මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැතිසබයේ ප්‍රබල හඬක් නැගීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වෙති. මෙම පනත් කෙටුම්පතට මහා සංඝරත්නයේ සහ විවිධ පාර්ශවවල දැඩි විරෝධයක් දැනටමත් පළවී ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය සහ කාන්තාවන් සවි බල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය පත්කිරීම සහ නම් කිරීම සඳහාද වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාද ඒ හා සම්බන්ධ සහ එයට අනුශාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකැයි එහි සඳහන්වේ. පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us