මධ්‍යම පළාතේ භූ ආපදා හදුනා ගන්න චීනයෙන් සහාය

Published in පුවත්
Monday, 13 May 2024 13:39

චීනයේ ජියන්ශි පළාත් කමිටුවේ උප සභාපති යින් ජියෑංයී (Yin Jianye) ඇතුළු දූත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ අතර හමුවීමක් පසුගියදා සිදුවිය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත සහ චීනයේ ජියන්ශි පළාත අතර ආර්ථික, සමාජීය හා සංස්කෘතිමය සම්බන්ධතා සංවර්ධනය කිරීමේ අරමුණින් එම හමුව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මධ්‍යම පළාතේ ආයෝජන අවස්ථා හා සංචාරක ප්‍රවර්ධනය උදෙසා ඇති ඉඩ කඩ හා මධ්‍යම පළාතේ භූ ආපදා හදුනාගැනීම සදහා දායකත්වය ලබා ගැනීමේ හැකියාව මෙන්ම මධ්‍යම පළාතේ විසිරි තිබෙන ඛනිජ සදහා ඇති ජ්‍යාත්‍යන්තර වෙළෙදපල අවස්ථා පිළිබදවද කරුණු සාකච්ඡාවට බදුන් විය.

මෙම අවස්ථාව සම්පාදනය කිරීමේදී ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මැදිහත් වූණි.

මේ සදහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති, හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මෙන්ම ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ උපසභාපති අරුණ හපුආරච්චි මහතා ඇතුළු පිරිසක් එක් වුහ.

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us