ඔහු සිය ආසියානු සංචාරයේදී ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබු අතර පසුගිය 10වනදා සංචාරය ආරම්භ කරමින්ඉන්දියාවට පැමිණි බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පවසයි.
සිය ඉන්දීය සංචාරයෙන් අනතුරුව ශ්රී ලංකාවට අද දිනයේ පැමිණෙන ඩොනල්ඩ් ලූ මහතා ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය මෙන්ම නිදහස් හා ප්රජාතන්ත්රවාදී සමාජයක මුල්ගලක් ශක්තිමත් සිවිල් සමාජයක වැදගත්කම තහවුරු කරයි. ශ්රී ලංකා සංචාරයෙන් අනතුරුව ඒ මහතා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
-P.M