අකුණු කළ විපත්

Published in පුවත්
Monday, 13 May 2024 11:01

පසුගිය (10) වනදා රාත්‍රියේ ඇති වූ මහවැස්සත් සමග වලස්මුල්ල මූලික රෝහලට එල්ල වූ අකුණු පහරකින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙන අතර එය යථාතත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා.

අකුණු පහරත් සමග එම ඒකකයේ තිබු විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සියලුම උපකරණ විනාශ වී ඇති අතර අකුණු පහර නිසා ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලට ද හානි සිදුවී තිබේ.

මේ සම්බන්ධව සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම රෝහලට සිදු වූ හානිය සොයා බැලීම සඳහා එහි ගියේය.

අකුණු පහර නිසා හදිසි ප්‍රතිකාර ඒකකයට සිදු වූ හානිය රුපියල් මිලියන 50ක් පමණ ‌වේ යැයි මේ වනවිට ගණන් බලා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කළ අතර මෙම හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය සඳහා මුදල් ලබා දීමටත්, ආණ්ඩුකාරවරයා එම රෝහල නිරීක්ෂණය කිරීමටත් නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අකුණු පහර වදින අවස්ථාවේ එම ඒකකයේ රෝගීන් තිදෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන්ට හානියක් සිදුවී නැත.

නමුත් ඇති වූ ගින්න නිසා එම රෝගීන් එළියට ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදු වූ බව එම කාර්ය මණ්ඩලය අමාත්‍යවරයා සමග පැවසීය.

මේ අතර නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අවමඟුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී එම ස්ථානයේ සිටි පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර, එයින් එක් අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මේ අතර සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු⁣වේ (කුළුණට) ගෑස් සපයන නලයකට ඊයේ (12) සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බවයි සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊයේ (12) පස්වරු හතරහමාරට පමණ දැඩි වර්ෂාවත් සමඟ මෙම අකුනු සැර වැදී ඇති අතර අකුණත් සමඟ ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වුනේ.

සිද්ධිය සැලවීමත් සමඟ සේවකයන් පැමිණ ගින්න නිවා දැමීමට අවශ්‍ය කටයුතු කර ඇත ගින්නෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැත .

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us