බෝගම්බර බන්ධනාගාරය තරුපහේ හෝටලයකට සුදානමින්

Published in පුවත්
Monday, 06 May 2024 12:08

ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට බෝගම්බර බන්ධනාගාරය පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ ය.

එම බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු සංකීරණයක්, කෞතුකාගාරයක් සහ සංචාරක හෝටලයක් ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ය.

එමෙන්ම, වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එම කටයුතු සිදුකෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන ඇත.

එයට අදාළ ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිට සිදුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේ ය.

වසර 138 ක් ක්‍රියාත්මක වූ බෝගම්බර බන්ධනාගාරය 2014 ජනවාරි මස 01 වනදා සිට වසා දැමීය.

ඉන් පසු එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙනයාම සිදුවිය.

කෙසේ වෙතත්, මේ වන විට බෝගම්බර බන්ධනාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා පමණක් විවෘත කර ඇති අතර 2014 වසරේ දී එය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබී ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us