On Arrival වීසා ගැන ඇමති ටිරාන් ගෙන් ප්‍රකාශයක්

Published in පුවත්
Monday, 06 May 2024 11:52

On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තිබේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය.

වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසු අමාත්‍යවරයා නොවැම්බර් මාසයේ සම්මත වුවත් ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වනදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.

ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවත් පැවසු අමාත්‍යවරයා, වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

"ඩොලර් 75 එක ගැන විතරයි ඔය කතාව ගියේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක්. double entry Visa එකක්. හැබැයි එතැනදි පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා. අපි දවස් 30 වීසා එක ඩොලර් 50ට තිබුණා. අපි මේක පාස් කරපු වෙලාවේ ඒක සිස්ටම් එකට දාන්න බැරි වුණා. ආපහු පාර්ලිමේන්තුවට යන්න වුණා ඒ නිසා. අපිට ගැසට් එකක් ගහන්න බෑ පාර්ලිමේන්තුවට යන්නේ නැතුව. මම රට යන්න කලින් රෙසිඩන්ඩ් වීසා එකක් එක්ක 50 එක පාස් කරලා ගියේ. ඒක සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳලා. single entry visa එක දවස් 30ක ඩොලර් 50යි."

"VFS සම්බන්ධයෙන් අපිට යෝජනාවක් එවලා තිබුණා. රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. රජයන් 67 රටවල් 151ක මධ්‍යස්ථාන 3,300ක විතර පාවිච්චි කරන කම්පැනි එකක්. ඒ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. ලෝකයේ හැම රටම පාවිච්චි කරන්නේ VFS. එක චෝදනාවක් තිබුණා ඉන්දියානු කම්පැනියක්. ඉන්දියන්කාරයෝ ඇවිත් අතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා. මැයි 1 ප්‍රශ්නය පටන් ගත්තේ. එදා කවුන්ටර්වල හිටියේ ඉන්දියන් අය නෙමෙයි ලාංකිකයින්. මගේ ළඟ නම් ලැයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය. අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන්කාරයෝ කියලා. අනික VFS එකට වීසා නිකුත් කරන්නත් බෑ. රිජෙක්ට් කරන්නත් බෑ. ආගමන විගමන කාර්යාලයෙන් තමා ඒක කරන්නේ. VFS එක කරන්නේ ඩොකියුමන්ට් චෙක් කරන එක විතරයි. "

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us