ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහය රනිල්ට - රාජිත හෙළිකරයි

Published in පුවත්
Tuesday, 30 April 2024 13:51

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසා සිටියි.

මෙලෙස ඔහු පවසා සිටියේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවල පිළිතුරු ලබා දෙමිනි. එහි දී රාජපක්ෂවරුන් ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය කරන බවට සිදු වන දේශපාලන සංවාද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු පැනයක දී රාජිත සේනාරත්න පවසා සිටියේ රාජපක්ෂ පාලනය අවසන් වී ඇති බවයි. 

"වර්තමාන දේශපාලනය තීරණය වෙන්නේ ආර්ථිකය මත. වෙනදා වගේ ආගම ජාතිය ගැන කතා කරලා වැඩක් නැහැ. මෙරටේ ආර්ථිකය සහ සංවර්ධනය. මේක ගොඩගන්න පුළුවන් කුමන පක්ෂයකට ද කාටද කියන එක. මේක 1977 මැතිවරණය වගේ තමයි. 77 මැතිවරණයත් ආර්ථිකය මත සටන් වැදුණ මැතිවරණයක්. ඒ වගේ තත්තවයක් රටට ඇතිවෙලා තියෙන්නේ. පොහොට්ටුව කොහොමත් ජනාධිපතිවරණයට එන්නේ නැහැ. ඒ ගොල්ලෝ අන්තීමට රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙයි.'' යනුවෙනි. 

රාජිත සේනාරත්න රනිල්ට දක්වන සහය පිළිබද විමසා සිටියදී  ඔහු පවසා සිටියේ එය පසුවට පවසන බවත් රාජපක්ෂලා දැන් නොඑන බව සහ ඔහු විශ්‍රාම යන බවත් ය. එමෙන්ම ඔහු පවසා සිටියේ චමල් රාජපක්ෂත් විශ්‍රාම යන බව ය.

නාමල් රාජපක්ෂ විසින් රනිල් ‌වික්‍රමසිංහ ජනාධිපතිවරයා හට විරුද්ධ මතවාද එල්ල කරමින් සිටින බවත්  පොහොට්ටුවේ සියයට 90ක්  පමණ රාජපක්ෂ ආණ්ඩුවක්  නිර්මාණය කරන තත්වයක නොමැති බව ද රාජිත සේනාරත්න පැවසීය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us