වතු සමා­ගම් පැහැර හැරි කෝටි 500ක EPF-ETF රජ­යෙන් ගෙවීමට තීරණයක්

Published in පුවත්
Tuesday, 30 April 2024 13:00

වසර 20ක් තිස්සේ වතු සමා­ගම් විසින් වතු සේවකයන්ට ගෙවිය යුතු රුපි­යල් කෝටි පන්සී­යක (500) පමණ වූ හිඟ සේවක භාර­කාර අර­මු­දල් ( ETF) සහ සේවක අර්ථ­සා­ධක අර­මු­දල් (EPF)  ගෙවා නොමැති බව වැවිලි ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පවසයි.

ඒ හේතුවෙන් අසාධාරණයට පත් සේවකයන්ගේ එම මුදල් රජය මගින් ගෙවී­මට ජනා­ධි­ප­ති­ව­රයා එක­ඟ­තා­වය පළ කොට ඇති බව  අමාත්‍යවරයා පැවැ­සීය.

වැවිලි සමා­ගම් විසින් ගෙවිය යුතු හිඟ මුදල් රජයේ මුද­ලින් ප්‍රති­ලා­භීන්ට ගෙවී­මට ජනා­ධි­ප­ති­ව­රයා එක­ඟ­ත්වය පළ කිරී­මෙන් අන­තු­රුව ඒ සඳහා වූ කැබි­නට් පත්‍රි­කාව කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කරන බව වැවිලි ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය  පැවසුවේය. 

මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද කීය.

''වතු සේව­ක­යන් විසින් ඔවුන්ට අදාළ හිඟ මුදල ලබා ගැනීම සඳහා නඩු 2000 කට ආසන්න ප්‍රමා­ණ­යක් ගොනු­කර තිබෙ­නවා. නමුත් මෙතෙක් ඒවාට සාධා­ර­ණ­යක් සිදුවී නැහැ. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නගා­සි­ටු­වී­මට පිය­වර ගත යුත්තේ සේව­ක­යන්ගේ මූලික අයි­තීන් ආරක්ෂා කර­මිනි. රජය ඒ පිළි­බඳ පූර්ණ අව­ධා­නය යොමු කර අවශ්‍ය ක්‍රියා­මාර්ග කඩි­න­මින් ක්‍රියා­වට නංව­නවා.''

Last modified on Tuesday, 30 April 2024 13:01

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us