ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

Published in පුවත්
Thursday, 18 April 2024 07:07

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙනු ඇති බව වාර්තා වේ.

ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදු කළ පත් කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල පැවසුවේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදු විය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ගෙන්කළ විමසීමේදී ඔහු පැවසූවේ, නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් තමන් වෙත ඒම විරෝධතා භාර දුන් බවයි.

ඒ අනුව අද (18) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී ගත් තීරණ හා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විරෝධතා සලකා බලා තීරණයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us