රටේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් රනිල් කියන මනුස්සයාට රට භාර දෙන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.
ජනාධිපති වෙන්න රනිල්ට බෑ කියමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් වෙන පක්ෂයක් හදාගෙන ගියත් ඉතිරි වුනු පක්ෂයේ පිරිස එක්ව ඔහු අටවැනි විධායක ජනාධිපති ධුරයට පත් කළ බවත් හෙතෙම පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මැයි දින සංවිධාන කටයුතු සඳහා පැවති සාකච්ඡාවක් අමතමිනි.