සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හදුන්වාදීමට පියවර

Published in පුවත්
Friday, 05 April 2024 12:49

ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංවිධාන කළ සය මාසික පුහුණුව අවසානයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පසුගියදා පැවැති සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙලෙස පැවසීය.

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය අංශයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් හා මාධ්‍ය වේදීන් සදහා මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙය සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව වේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය ඇමැතිවරයා:

“සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මාස හයක කාලයක් රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට පුහුණුව දී තිබෙනවා. එයින් දෙන සහතිකය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක්. මේ වැඩසටහන සම්බන්ධයෙන් බොහෝ කලක් කතා කළා. ඉතිහාසයේ පළමු වරට මෙවැනි ආකාරයේ සහතිකයක් නිකුත් කර තිබෙනවා. එහි පළමු කණ්ඩායම ලෙස මේ කණ්ඩායම සහතික ලබනවා. ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ, ආයතනවලින් මේ කණ්ඩායම තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මේ නිලධාරීන්ට ලොකු ගමනක් යන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් වශයෙන් රාජ්‍ය අංශයේ සෑම ආයතනයකටම බඳවා ගන්නට බලාපොරොත්තු වෙනවා. එක් පැත්තකින් සයිබර් ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වෙනවා මෙන්ම ඩිජිටල්කරණය සඳහා නායකත්වය දෙන කණ්ඩායමක් මෙලෙස පුහුණු කරනවා. 2006 වසරේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අපේ රටේ රාජ්‍ය සේවය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා..”

“අපි පසුගිය වසරේදී ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. සියලු පාර්ශ්ව සම්බන්ධ වෙලා එය මාස හයක පමණ කාලයකින් ඉදිරිපත් කළා. ඒ අනුව පසුගිය සතියේදී ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. එහි සයිබර් ආරක්ෂණය, දත්ත ආරක්ෂණය ප්‍රධාන වෙනවා. පසුගිය වසරේදී දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවා තිබෙනවා. සයිබර් ආරක්ෂණ පනත ඉදිරියේදී අනුමත කරගන්න අපේක්ෂා කරනවා. අපේ රටේ සයිබර් ආරක්ෂණ කටයුතු එයින් අපේක්ෂා කරනවා.”

“ඒ වගේම අපේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද අපි පියවර ගතයුතු වෙනවා. මාධ්‍යවේදීන්ට ද මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරෙනවා. එය රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා වන්නේ නැහැ. ගම් මට්ටම දක්වා මහජනතාව, දරුවන් දැනුවත් කළ යුතු වෙනවා. “ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දෙන්න බලාපොරොත්තු වනවා.”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us