දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක්

Published in පුවත්
Friday, 05 April 2024 12:08

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck Soo මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය.

කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා සෑමවිටම පෙනී සිටින බව කොරියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.‍

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us