රාජ්‍ය ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණයට Featured

Published in පුවත්
Friday, 05 April 2024 11:44

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.

හෝටල් සංවර්ධන සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, ලිට්‍රෝ ගෑස් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් සමාගම සහ ලංකා හොස්පිට්ල් සමාගම ම ප්‍රතිව්‍යුහගතකරණයට ක්‍රියාමාර්ග ගනිමින් සිටින සෙසු ආයතන බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පැවසීය.

මෙම ආයතනවල අයිතිය රජයෙන් ස්වාධීන කර ලන්සු කැඳවා පෞද්ගලික අංශයේ දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලබා දෙන බවද එම නිලධාරීහු දැනුම් දුන්හ.

රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙන් සාමාජික මන්ත්‍රීවරු එම ඒකකයේ නිලධාරීන්ගෙන් මෙහිදී  ප්‍රශ්න කළහ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us