කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සමග පැවැති සාකච්ඡාවක දී මෙය අනාවරණය වී තිබේ.
පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල් මිලියන 2401ක ආදායමක් උපයා ඇති අතර, අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 2373ක ඉහළ ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබේ.
පසුගිය වර්ෂයේ දීර්ඝ නියඟය සහිත කාල ගුණික තත්ත්වයකින් පසු ලද වැස්ස හේතුවෙන් පොල් ඵලදාව ද ඉහළ ගිය බැවින් පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා මාසිකව පොල් නිෂ්පාදනයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර, පොල් අපනයනය මගින් ලද ආදායම මෙම වර්ෂය තුළ ඩොලර් බිලියනයක් දක්වා ප්‍රථමවරට ඉහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය කියා සිටී.