ගෝඨගේ දුර්වලකම නිසා වැඩ කරන්න බැරි වුණත් රනිල් ජනාධිපති වුණාට පස්සෙ රට ස්ථාවර කරන්න ඇමතිවරුන්ට හැකි වුණා.

Published in පුවත්
Friday, 29 March 2024 12:18

තමන් ඇතුළු ඇමතිවරුන්ට වැඩකිරීමට බැරිකමක් නොමැති බවත් එදා ප්‍රශ්නය වුණේ ගෝඨාභය රාජපක්ෂගේ දුර්වලකම බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් පත්කරගැනීමෙන් අනතුරුව ඔහු සමග වැඩකරමින් රට ස්ථාවර කිරීමට තමන් ඇතුළු ඇමති මණ්ඩලයට හැකිවුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“මම අදත් කියන්නේ ජනාධිපතිවරණයකට යන්න ඕනේ. මේ අභියෝග භාර ගන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩ නැගූ නායකයා විදියට රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයකට යන්න කියන්නේ කාටවත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා. එතකොට රට අරාජික වෙනවා. පකිස්ථානයට වෙච්ච දේ ලංකාවට වෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ රටේ මිනිස්සු දුක් විදින එකයි. රට ගැන හිතලයි අපි තීන්දු ගන්න වෙන්නේ. ජනතාව ගැන හිතලා තීන්දු ගන්නවා නම් අපි කණ්ඩායම පාර්ලිමේන්තු ගිහින් අස්ථාවර ආණ්ඩු හදනවාට වඩා කවුරු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ තුන් දෙනාද හතර දෙනාද දිනන කෙනා ආණ්ඩුවක් පිහිටුවලා රට ගිනියන්න ඕනේ. අපි එහෙමනේ ගෝඨාභය මහත්තයා දින්නා, අපි ආණ්ඩුවක් ගත්තා, අපි අසමත් වුණා, මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළා. දැන් අපි ආණ්ඩුවක් හැටියට මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරලා රට ස්ථාවර කළා. අපිට වැඩ කරන්න බැරි කමක් නෙමෙයි, අපිට පුළුවන්. රටේ නායකත්වය හා තීන්දු ගැනීමේ අර්බුදය තමයි තිබුණේ. තීන්දු ගැනීම දැන් සිද්ධ වෙනවා. ඉදිරි මැතිවරණයේදීත් මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ දින්නොත් ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. වෙන කවුරු හරි දින්නොත් ඒ කෙනාට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට රට අරාජික වෙන්නේ නෑ. රට තමයි අංක එක. පක්ෂය තමයි අංක දෙක වෙන්නේ. රටේ මිනිස්සු වෙනුවෙන් ගන්න ඕනේ තීරණ ගන්න ඕනේ මා විශ්වාස කරනවා මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු පේන මානෙක කෙනෙක් නෑ කියලා. ”
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව පැවසුවේ ඊයේ (28) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Last modified on Friday, 29 March 2024 12:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us