කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල පැවසුවේය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ
"අපි කරපු අධ්‍යයන තුළ පෙනී යනවා 2019 වනවිට 15,000කට ආසන්න ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන් කියලා. 2019 පසුව පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය යන කාරණා නිසා මේ පිරිස 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන්. මෙහිදී විවිධ කාණ්ඩයේ දරුවන් ඉන්නවා. මොවුන් බොහෝවිට පූජනීය ස්ථානවල රැදෙනවා. ඒකට හේතුව පූජනීය ස්ථානවලට එන බැතිමතුන් ළමයෙක් දැක්කහම, ළමයෙක් ගේන දෙයක් දැක්කහම මිල දී ගන්න බලනවා. ඔවුන්ට යම් අනුග්‍රහයක් දක්වන්න කැමතියි. ඒ නිසා මේක ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ බොහෝ ප්‍රදේශවල..." යනුවෙනි.
දරුවන් සිඟමනේ යෙදවීම අපරාධමය වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමේ හැකියාව පොලීසියට පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේය.
"දරුවන් සිඟමනේ යෙදවීම හා දරුවන් මෙහෙකාර සේවයට යෙදවීම කියන කාරණා දෙකම අපේ රටේ නීතියට අනුව අපරාධ වැරදි හැටියට තමා සැලකෙන්නේ. එවැනි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම නෛතික බලතල පැවරෙන්නේ පොලීසියට. ජාතික ළමා රක්ෂණ අධිකාරියටත් මෙවැනි තත්ත්වයන් ගැන වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙවැනි තොරතුරු ආසන්නතම පොලීසියට යොමු කිරීම තමා බොහෝදුරට ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් කරන්නේ."
එමෙන්ම යාචකයන් ලෙස කටයුතු කරන ළමුන් පොලිස් භාරයට ගැනීමේ හැකියාව පැවතුණ ද ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා පවතින නීතිමය බාධාවන් ඊට ගැටලුවක් වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේය.
"යාචකයින්ව අත්අඩංගුවට අරන් මෙයාලව දාන්නේ කොහේද කියලා ගැටලුවක් තියෙනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යන රිදීගම යාචකයින්ව රඳවන ස්ථානය සම්පූර්ණයෙන්ම පිරිලා. ඒ නිසා මේ අය උසාවි දාලා රක්ෂිත බන්ධනාගාරගත කරලා වැඩක් නෑ. මොකද එයාලව එහෙම නම් දිගු කාලීන පුනරුත්තාපන වැඩසටහනකට දාන්න ඕනේ. ඒ වගේ ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. අපිට පුළුවන් මෙහෙයුමක් දියත් කරලා ළමා යාචකයින්ව අරන් දාන්න. එයාලව තියන්නේ කොහේද කියන ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්."