McDonald's  ගැන අබාන්ස් කියන කතාව

Published in පුවත්
Wednesday, 27 March 2024 14:46

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald's හි මෙරට මෙහෙයුම් කටයුතු තාවකාලිකව මේ වන විට අත්හිටුවා තිබේ.

පසුගිය දා කොළඹ වානිජ මහාධිකරණය ලබා දුන් වාරණ නියෝගයක් ප්‍රකාරව මෙම මෙහෙයුම් අත්හිටුවීම සිදුව ඇත.

මෙම මෙහෙයුම් අත්හිටුවීම හරහා McDonald's අවන්හල් ජාලයේ දේශීය නියෝජිතත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළ පළවිය.

එසේ පළ වූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අබාන්ස් පීඑල්සී අවධාරණය කරන්නේ McDonald's අවන්හල් ජාලයේ දේශීය නියෝජිතත්වය තම සමාගම් සමූහය යටතේ නොපවතින්නක් බවයි.

McDonald's අවන්හල් ජාලයේ මෙරට නියෝජිතත්වය ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගම සතුව ඇති බවත් එහි ප්‍රධාන කොටස්කරුවා වන රුසි පෙස්ටොන්ජී මහතා එම සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 98.73% කට හිමිකම් කියනු ලබන බවත් එම නිවේදනයේ සඳහන් වේ. එසේම රුසි පෙන්ටොන්ජි මහතා අබාන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂවරයා බවද අදාළ නිවේදනය සඳහන් කරයි.

මේ අතර ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගම අබාන්ස් පීඑල්සී හෝ එහි මව් සමාගම වන අබාන්ස් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ අනුබද්ධ සමාගමක් නොවන බවද මෙම නිවේදනය නිකුත් කරමින් අබාන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ සරොෂි ඩුබාෂ් මහත්මිය කියා සිටී.




  • Ada derana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us