ශ‍්‍රී ලාංකීය සිසුවියක් ඕස්ටේ‍්‍රලියාවේදී මරලා ! (වීඩියෝ)

Published in පුවත්
Saturday, 30 August 2014 09:02

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මොනාර්කෝ ප්‍රදේශයේදී අභිරහස්‌ ලෙස මිය ගොස්‌ සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

දියේ ගිලීමෙන් අභිරහස් ලෙස මිය ගිය එම තරුණියගේ සිරුර  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පිහිටි කුඩා ඇලකින් සොයාගෙන ඇත.

තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියක් වන අමීෂා රාජපක්ෂ නැමැති ඇයගේ මරණය, ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

  ඕස්ටේ‍්‍රලියානු පොලීසිය සඳහන් කළේ ඇගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ගෙල වටා සළුවක් ගැට ගසා තිබූ බවයි.

ඕස්ටේ‍්‍රලියානු වාර්තාවලට අනුව 31 හැවිරිදි අමීෂා රාජපක්ෂගේ නිවස පිහිටා ඇත්තේ  බටහිර සිඞ්නි ප‍්‍රදේශයේ ඇබ්සර්ලූට් වෝටර්ෆ‍්‍රන්ට් නම් මහල් නිවාස සංකීර්ණය තුළය.

පසුගිය අඟහරුවාදා රාත‍්‍රී 7.00ට පමණ ඇය වෙළදසැලකට යාම සඳහා නිවසින් පිටව ගොස් තිබේ.  ඇය යළි නොපැමිණි නිසා මිය ගිය අමීෂාගේ පියා සහ සහෝදරයා අමීෂා සෙවීමට කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවය.


කෙසේ වෙතත්, පසුදින උදෑසන 7.30ට පමණ නිවස ආසන්නයේ ඇති කුඩා ඇලකින් ඇයගේ සිරුර හමුවී ඇති බව  එරට පොලීසිය සදහන් කළේය. 2009 වසරේ ඇය  ඕස්ටේ‍්‍රලියාවට පදිංචියට ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ උපාධියක් හැදැරීම සඳහාය.

වීඩියෝව බලන්න මෙතනින්

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us