නියෝජ්‍ය නායක ධුරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඊයේ නියමිතව තිබී ඇති අතර, ඒ අනුව ඔහුගේ කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබාගැනීමට ඔහුට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද බලවත් උත්සහයක් දරා ඇතත් එය සාර්ථක වී නොමැත.
ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ද ප්‍රකාශකර ඇත්තේ, සජිත් ඉන්න තැනක් තමන්ට ද සොයා ගැනීමට නොහැකිවී ඇති බවයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ඌව මැතිවරණ සටන මුළුමනින්ම අත්හැර දමා විල්පත්තුව අභය භූමියේ දින තුනක් තිස්සේ නැවතී සිටින බව 'ලංකා ඩේලි' ඊයේ (29) වාර්තා කළේය.