රේගු නිලධාරීන් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Published in පුවත්
Tuesday, 19 March 2024 11:23

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ, සභාපති, අමිල සංජීව මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටිනවා .

ඔහු සඳහන් කර සිටියේ අද උදෑසන 9 සිට පස්වරු 4.45 දක්වා මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බවය.

ඉන් අනතුරුව අතිකාලවලින් ඉවත් වන බව ද පැවසු ඒ මහතා, සාමාන්‍ය දිනකට බහාලුම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට වෙනදාට කටයුතු කරන බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ, වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් සිදුවිය නොහැකි දෙයක් බවය.

ජනතාව වෙනුවෙන් මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අයත් බහාලුම් නිදහස් කරන නමුත් ගොඩනැගිලි ද්‍රව්‍ය ඇතුළු සෙසු භාණ්ඩ නිදහස් නොකිරීම හේතුවෙන් දැඩි අර්බුදයක් ඇති විය හැකි බව ද අමිල සංජීව පැවසිය.

මේ අතර, පසුගිය සිකුරාදා ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට බහාලුම් 4,000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි වාර්තා වේ.

බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ, සභාපති සනත් මංජුල පවසා සිටියේ, මේ වනවිට බහාලුම් නිෂ්කාශනය සම්පූර්ණයෙන්ම ඇන සිට ඇති බවය.

අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ නිදහස් කරන බවට පැවසුවද එයද රේගු නිලධාරීන් විසින් එය ද මඟ හැර ඇතැයි ඒ පවසා සිටියේය.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ආනයන කේෂ්ත්‍රයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ද ඒ පැවසිය.

මෙම තත්ත්වය පාලනය නොකළහොත් එදිනෙදා භාණ්ඩ මිල ගණන් පවා ඉහළ යාහැකි බව ඒ මහතා කියා සිටියේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us