පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සුදානමක්

Published in පුවත්
Tuesday, 19 March 2024 11:16

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ සපුරාලීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම පිණිස දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බව රජය පවසයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

එම නව යෝජනාව අනුව මන්ත්‍රීවරු 160 දෙනෙක් අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් විසින් ඝෘජුවම තෝරා පත්කර ගැනීමටත් ඉතිරි මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික සහ පළාත් මට්ටමින් තෝරා ගැනීමටත් එකී කමිටුව වෙත අදහස් ඉදිරිපත් කර ඇති බවත් බහුතරයක් ඒ සඳහා එකඟතාව පළකර ඇති බවත් සඳහන් ය.

ඒ අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us