ප්‍රවේශමෙන්,  රහස්‍ය තොරතුරු ලබා දීමෙන් වළකින්න!

Published in පුවත්
Wednesday, 13 March 2024 18:01

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසටය.

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් සිදුකරන බවට හෙළිවී තිබේ.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුව විසින් කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගණුදෙනුවක් සිදු නොකෙරෙන බවය.

එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව 1950, තොරතුරු තාක්ෂණ අංශය 011 2542104,011 2334728, 0112335978, 011 2687229, 011 2330072 යන අංක වෙත ඇමතීමෙන් ලබාගත හැකිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us