ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බව කී ජනාධිපතිවරයා සංවර්ධනය සදහා ලබා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවමට දායකවන්නැයි ඉල්ලා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ද පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.
නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සංවිධානය කළ මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දිස්‍ර්තික් නායකයයෝ ද සහභාගී වූහ.
අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේත් මුදල් දෙන්නම් යැයි ජනාධිපතිවරයා එහිදී කීය