ආලෝක් කුමාර් නමැති මොහු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මාන්පූර් ගම්මානයේ පදිංචි කරුවෙකි.
ඔහු තම ගොවි බිමේ සිට පැමිණෙමින් සිටියදි වළ දමා සිටි මෙම දැරිය බේරා ගෙන ඇත.
දැරියගේ ගෙළ මිරිකා ඇය සිහිමුර්ජා වීමෙන් පසු පාළු ස්ථානයක නොගැඹුරු වළක වළලා තිබූ බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
වළ දැමීමෙන් ටික වේලාවකට පසු සිහිය ලබා ඇති දැරිය වළෙන් ගොඩට ඒමට කෑගසමින් උත්සාහ දරා තිබේ. එම ශබ්දය ඇසුනු ආලෝක් කුමාර් ඇයව වලෙන් ගොඩ ගෙන රෝහල් ගතකර ඇත.මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව වාර්තා වේ.
දැරියගේ මව,මාමා සහ නැන්දණිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.