‘මේ වගේ දේවල් වලට මමත් මුහුණදීලා තියනවා. නමුත් මම විශ්වාස කරනවා කාන්තාවකට ඉවසීම තිබිය යුතු බව. ඔහුට එකපාරකට වඩා ගහන්න ගිය එක හොඳටම වැඩියි. නමුත් මං කියන්නෙ නෑ කාන්තාවක් මේ හැමදේම කරබාගෙන ඉන්න ඕන බව. වීදි හිංසනය අපි පිටුදැකිය යුතුයි.
මේ තරුණයාගේ කන් ඇසීමේ ප‍්‍රශ්නය සති දෙකක් තරම් පමාවී ඇතිවීම සැක සහිතයි. ඒක කාගෙහරි උපදෙසක් නිසා කරන්න ඇති.එසේම පහරදීමක් වුණාම පොලිසිය මෙතරම් පමාවී කෙනෙකු අත්අඩංගුවට ගැනීමත් හාස්‍යජනකයි. ඒක කරන්න තිබුනෙ සිද්ධිය සිදුවුණ සුමානය ඇතුළතයි.සිද්ධිය ගැන රටේ ආන්දෝලනයක් වුණාට පස්සේ තමයි මෙහෙම කරන්න හිතිල තියෙන්නෙ’ යයිද ඇය සඳහන් කරයි.
(ලංකා සී නිවුස්)