'සජිත් වේදිකාවට ආවොත් ඌව අනාතයි' -හරේන්

Published in පුවත්
Thursday, 28 August 2014 12:21

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ඌව මැතිවරණ වේදිකාවට එක්කර නොගන්නැයි එජාප ඌව මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවට පැමිණ පක්ෂයේ නායකත්ව මණ්ඩලය හෝ වෙනත් පක්ෂයේ නායකයකු අපහසුවන සේ කතාවක් කළහොත්, ආණ්ඩුව එය  ඔවුන්ගේ වාසියට යොදාගනිමින් මැතිවරණය අවසන් වනතෙක් මාධ්‍ය හරහා පතුරු  ගැසිය හැකි බව හරින් ප්‍රනාන්දු මහතා පැහැදිලිකර ඇත.

කෙසේවුවද, මොනරාගල දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව ඌව ජයගැනීමට නොහැකිබවයි. එහෙයින් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායකකම දී ඌව කැඳවන්නැයි මන්ත්‍රීවරයා එජාප නායකයා ගෙන් ඉල්ලා සිටියි. 


මේ අතර, ප්‍රේමදාස මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායකම නොදීම සම්බන්ධයෙන් වූ සාකච්චා බරපතල ගැටළුකාරී තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් දෙදෙනෙක් විසින් පැවැත්වූ මූලික සාකච්චාවලදී එකඟ වී ඇත්තේ සජිත්ට නියෝජ්‍ය නායක කම දෙන්නේ නම් රනිල් ඉලක්ක කර එල්ල කරන ප‍්‍රහාර නවත්වන බවටයි. ඒ අනුව පසුගිය දින කිහිපය පුරා එම මාධ්‍ය ආයතන දෙක විසින් සිය රනිල් විරෝධී මෙහෙයුම නවතා දමා තිබින.

සජිත් නියෝජ්‍ය නායක කම ලබා දීම සමඟම නායකත්ව මන්‍ඩලය අහෝසි කල යුතු බවටත්, කෘත්‍යාධිකාරී මන්ඩලයට සාමාජිකයන් දස දෙනෙකු පත් කිරීමේ බලය ඔහුටද පැවරිය යුතු බවටත් යෝජනා වී තිබින.

කෙසේ වෙතත් මේ සියල්ලට රවි කරුණානායක, මංගල සමරවීර ඇතුළු කිහිප දෙනෙක් දැඩි විරෝධය පල කිරීම නිසා පසුගිය 25 වන දිනට පෙර ලබා දෙන බවට පොරොන්දු වූ නියෝජ්‍ය නායක කම සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීම අතහැර දමා ඇත.

මේ හේතුවෙන් දැඩි කල කිරීමකට පත්ව සිටින පේ‍්‍රමදාස මහතා ඌවේ මැතිවරණ සටන අතහැර සුපුරුදු ලෙස හම්බන්තොටට වී කාලය ගත කරන්නට පටන් ගෙන තිබේ.

Last modified on Thursday, 28 August 2014 12:46

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us