Sticky Rice වලට ඇති බාධා ඉවත්කරන්නැයි ජපානයෙන් ඉල්ලීමක්

Published in පුවත්
Wednesday, 21 February 2024 09:43

ලංකාවේ සුපිරි හෝටල්වල සංචාරකයින්ට දෙන ජපානයේ ඇලෙනසුළු හාල් ( Sticky Rice )ආනයනයට පවතින සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්‍ය Norikasu Suzuki මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කොළඹ දී ඉල්ලීමක් කළේය.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කලාපීය සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින කෘෂිකර්ම අමාත්‍යවරුන් හා ඉහළ නිලධාරීන් සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ජපාන කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

කොළඹ හිල්ටන් හෝටලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි.

වගා කටයුතු ඇරඹීම හා අස්වනු නෙලීම සඳහා ජපානය විසින් භාවිතා කරන තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙල මෙරට ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.

මෙරට වී වගාවේ හෙක්ටයාර් එකකට ලැබෙන අවම අස්වැන්න සම්බන්ධව කරුණු දැක්වූ අමාත්‍යවරයා තවමත් නිසි පරිදි නව තාක්ෂණය යොදා නොගැනීම අස්වනු අඩුවීමට හේතුවක් වී ඇතැයි සඳහන් කළේය.

මෙරට අඹ, අන්නාසි වැනි පලතුරු ජපානයට අපනයනය කිරීම සඳහා පවතින බාධා සම්බන්ධවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ජපානය භාවිතා කරන නව තාක්ෂණික උපක්‍රම මෙරට ගොවීන්ට ලබා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us